Sunday, September 30, 2012

කවි ගී තනු සම



අසරන වූ කවියක් ඔබ සිත තුල
හඬනු ඇසෙයි නිල් නෙත් යුග බොඳ කර
ගී තනුවක් රැව්දෙයි මා හද බැඳ
ඔබ සුසුම් හෙලන, හද ගැහෙනා රිද්මයකට

අද සුභ දවසකි කවි රස විඳිනට
බලනු හිරු සඳු යුග, අහසේ බබලන දෙස
වළා රොදක් ගෙන හිරු සඳු පිදුමට
හමනා කල සුළඟක් - සිසිලෙන් ගත දවටන
කවි පද, ගී තනු, ඒ සුළඟට මුසු කර
ගයමු අපිත් කොවුලන් ගී පරදන

හිරු බැස ගිය කල සඳ තරු නිහඬව
සිහින ලොවින් බැස අසා සිටිනු ඇත
මන රඳවන, හද සනසන, ගත පිනවන
සුමියුරු ඒ ගී නද

2 comments:

Hasini said...

You have exceptional talent. This is very nice. :)

halwis said...

Thank you Springflower! :)