Monday, February 05, 2007

නිසඳැස්

ඇසි පිය අතරින් සැඟවුනු නෙත් යුග
සයුරේ රළ මත බැසගිය හිරු ලෙස
ගිල්වයි අඳුරේ, නොනිදන මා හද
සඳ තරු නැති රැයක තනි කර...

සිත දැල්වෙන ආදර හැඟුමන් එක්කර
තනමි ඔබ පතන සිහින මාලිග
නොනිදන මාහට සඳ, තරු, සිහින කුමටද
ඔබ මා තුරුලේ සිහින දකින කල?

නොමැත ඉතිරිව වෙන කිසිවක් පැතුම් පතන්නට...
නොනිදන දෑසින් මා වෙන කුමක් කරන්නද;
නීල රොදකින් වෙලුනු හැඟුමන් දහසක් කැටිකර
ගොතනු හැර වදන් පෙළක් තව කවියක?

No comments: